අයියා වෙනුවට මල්ලී විභාගයට පෙනී සිටලා


(එස්. ඩී. කොඩිකාර)

තම වැඩිමහල් සොයුරා වෙනුවන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සහෝදරයකු අත්අඩංගුවට ගත් බව දෙණියාය පොලිසිය කියයි.

දෙණියාය පල්ලෙගම විද්‍යාලයේ  විභාග මධ්‍යස්ථානයේ දී අදාළ සිසුවා වෙනුවට ඔහුගේ බාල සොහොයුරා වෙනුවට සැකකරු විභාගයට පෙනී සිට ඇතැයි පැවැසේ.

සිංහල ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට සූදානම්ව සිටියදී ශාලාධිපතිවරයා සිදු කළ දැනුම් දීමකින් පසු ඔහු අත් අඩංගුවට ගත් බව දෙණියාය පොලීසිය කියයි .

මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ පී.ටී.කොටස, එන්සල් වත්ත, දෙණියාය ප්‍රදේශයේ පදිංචි  පුද්ගලික ආයතනයක සේවය කරන අයකු බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත.

සිය වැඩිමහල් සොයුරා දමිළ මාධ්‍යයෙන් මෙවර පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයට දෙවන වරට මුහුණ දී ඇති අතර  ඔහුට පිළිතුරු ලිවීමට සිදුවී තිබුණේ ඔහුගේ දෙවන බස වන සිංහල විෂය බව පොලීසිය කියයි.